යාපනය පොලීසියට මිරිස් කුඩු ප්‍රහාරයක්, ගිනි අවිය කොල්ලකෑමට ද උත්සහ කරලා..

යාපනයයාපනයේ පොලිස් නිළධාරියකුට මිරිස් කුඩුවලින් පහරදී ඔහු සතුව තිබූ ආයුධය උදුරාගෙන යාමට තැත් කළ සැකකරුවන් සම්බන්‍ධයෙන් පොලිස් බුද්ධි අංශය විසින් විමර්ශණ කටයුතු ආරම්භ කර තිබේ. යාපනය තුන්නාලයි හංදියේදී ඊයේ ඉරිදා දින රාත්‍රීයේ මෙම සිද්ධිය සිඳුව තිබේ.

මේ සම්බන්‍ධයෙන් වැඩිදුරටත් වාර්තාවන්නේ,

තුන්නාලයි ප්‍රදේශයේ නීති විරෝධි වැලි ජාවාරමක් සිදුවන හෙයින් එය මැඩපැවැත්වීම සඳහා කෙට්ටි හංදියේදී පොලිස් මුරපොලක් ඉදිකර දිනපතා පොලිස් නිළධාරීන් පස් දෙනෙකු ආරක්‍ෂක කටයුතුවල නිරතව සිටියි.

සිද්ධිය සිඳුවූ දින ඉකුත් මුරපොළේදී එක් පොලිස් නිළධාරියකු පමණක් රාජකාරියේ යෙදී සිටියදී අනෙකුත් නිළධාරීන් සිව්දෙනා නින්දට ගොස් තිබේ. එවිට එහි පැමිණි පස් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් එහි සිටි පොලිස් නිළධාරියා වෙත මිරිස් කුඩුවලින් පහරදී ඔහු සතුව තිබූ ටි-56 වර්ගයේ ගිනි අවියද උදුරාගෙන යාමට තැත් කර තිබේ.

එවිට පොලිස් නිළධාරිවරයා දුන් විලාපය නිසා සෙසු පොලිස් නිළධාරීන් නින්දෙන් අවදී වීමෙන් පහරදීමට පැමිණි පිරිස පලා ගොස් තිබේ. සිද්ධිය සම්බන්‍ධයෙන් කාන්ගසන්තුරයි පොලීසිය විසින් විමර්ශණ කටයුතු ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top