උතුරේ මාවිරු සැමරීමට ඉඩ දෙන්නේ නැහැ – ආරක්‍ෂක රාජ්‍ය ඇමැති

ruwan-wijewardene රුවන්මාවිරු දින සැමරීමට ඉඩ ලබා නොදෙන බව ආරක්‍ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතා පවසයි. යුද්දයේදී මිය ගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සිහිපත් කර මාවිරු දින සැමරීමට යම්කිසි කෙනෙකු උත්සහ කරන්නේ නම්, ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා පවසා තිබේ.

කොටි සංවිධානය තහනම් කළ ත්‍රස්තවාදී සංවිධානයක් බවත්, එහි සාමාජිකයන්ව සිහිපත් කර සැමරුම් උත්සව පැවැත්වීම නීති විරෝධි කටයුත්තක් හෙයින් එලෙස සැමරුම් උත්සව පවත්වන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව හෙතෙම පවසා තිබේ.

මේ අතර, ජනතා විමුක්ති පෙරමුණ කෝලාහලයේදී මියගිය පුද්ගලයන් සිහිපත් කර සැමරුම් උත්සව පැවැත්වීමට අනුමැතිය ලබා දෙන රජය, එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සිහිපත් කර සැමරුම් උත්සව පැවැත්වීමට අනුමැතිය ලබා නොදෙන බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top