ප්‍රධාන රථ වාහන වැරදි හයකට අවම දඩය 25,000යි

391398-fines1ප්‍රධාන රථ වාහන වැරදි හයකට අවම දඩය 25,000ක් දක්වා වැඩි කිරීමට තීරණය කර තිබේ.

මෙම තීරණයට බස් සංගම් එකඟවූ බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මුදල් අමාත්‍යාංශයේ අද පැවැති සාකච්ඡාවකදී පවසා තිබේ.

ඒ අනුව, රක්ෂණාවරණයක් නොමැති වාහනයක් ධාවනය කිරීම, රියදුරු බලපත්‍රයක් නොමැති අයෙකු විසින් රිය ධාවනය කිරීම, බීමත්ව රිය ධාවනය කිරීම, වමෙන් ඉස්සර කිරීම, සම්මත වේගයට වඩා අධික වේගයෙන් රිය ධාවනය කිරීම, දුම්රිය හරස් ගේට්ටු හරහා නොසැලිකිලිමත් ලෙස වාහන ඇතුළත් කිරීම වැනි වැරදි සඳහා මෙලෙස දඩය වැඩි කිරීමට තීරණය කර තිබේ.

මෙම සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක, ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මෙන්ම බස් රථ, පාසල් ප්‍රවාහන සහ ත්‍රිරෝද රථ සංගම්වල නියෝජිතයන් ද සහභාගිවූ බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top