SRILANKAN NEWS

ඉරණමඩු කනකාම්බිකයි අම්මන් කෝවිලේ ඉඩම තුල විහාරස්ථානයට තාප්පයක් ඉදිකරන හමුදාව

 කිලිනොච්චිය කනකාම්බිකයි අම්මන් කෝවිලේ තෙවන මාර්ගයේ පිහිටි කෝවිලට අයත් ඉඩමදී විශාල විහාරස්ථානයක් සඳහා තාප්පයක් ඉදි කිරීමේ කටයුතුවල හමුදාව නිරතව සිටින බවට කෝවිලේ පරිපාලකයන් පවසා තිබේ.

1957 වසරේ ඉරණමඩු වැව ආශ්‍රිතව යෝකර් ස්වාමින් වහන්සේ විසින් ආරම්භ කළ ඉරණමඩු කනකාම්බිකයි අම්මන් කෝවිලට අක්කර 13.5ක ඉඩමක් තිබුණි. නමුත් දැන් එයින් අක්කර 4.5ක ප්‍රමාණයක් හමුදාව යටතේ තිබේ. කෝවිලට අයත් එම ඉඩම යළි ලබා දෙන්නැයි කෝවිල පරිපාලකයන් විසින් 2009 වසරේ සිට නිළධාරීන්, දේශපාලකයන් සහ හමුදාවෙන් ඉල්ලා සිටි නමුත් මෙතෙක් කිසිඳු ප්‍රතිචාරයක් ලැබී නැත.

හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී චන්ද්‍රකුමාර් පසුගිය වසර දෙකකට පෙර අමාත්‍ය ස්වාමිනාදන් මහතාව කැඳවා එහි තත්වය පෙන්වාදීමෙන් අනතුරුව හමුදාව යටතේ තිබූ කෝවිලට යන ඉදිරිපස මාර්ගයක පමණක් යළි කෝවිලට ලබාදී තිබුණි. නමුත් එහි ඉඩම තවඳුරටත් හමුදාව යටතේ තිබේ.

download පසුගිය 14-07-2016 වන දින අඩි 99කින් යුත් රාජකුළුණ ඉදි කිරීමේ කටයුතු ආරම්භ කෙරුණි. ඉන් අනතුරුව පෙර සැලසුම් කළ පරිදි අඩි සීයකින් පමණ උසින් යුතු විහාරස්ථානය ඉදි කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කර තිබේ. කෝවිලේ සිට මීටර 100ක දුරින් මෙම විහාරස්ථානය ඉදි කිරීමට නියමිතය. මීට පෙර එහි විශාල බුද්ධ ප්‍රතිමාවක්ද ඉදිකර අවසන්ය. ඒ වෙනුවෙන් කෝවිලට අයත් තෙවන මාර්ගය පිහිටා තිබෙන ඉඩම ද මෙතෙක් කාලයක් තාවකාලිවක කණු දමා වටකර තිබුණි.

කෝවිලට අයත් ඉඩම් යළි ලබාගත හැකි යැයි විශ්වාසයෙන් සිටි නමුත් දැන් හමුදාව එහි වටා තාප්පයක් ඉදි කිරීමේ හේතුවෙන් කෝවිලේ ඉඩම යළි නොලැබීමේ තත්වයක් පවතින බව කෝවිලේ පරිපාලකයන් පවසයි.

එයිතිහාසික කෝවිලක් අසල, සම්පූර්ණයෙන් දෙමළ ජනතාව පමණක් ජීවත් වන ප්‍රදේශයක මෙලෙස විශාල බෞද්ධ විහාරස්ථානයක් ඉදිකිරීම සම්බන්‍ධයෙන් ප්‍රදේශවාසීන් අතර දැඩි සැකයක් ද ඇතිකර තිබේ.

download (1) මේ වන විට රට පුරා පිහිටි එයිහාසික හින්දු සිද්ධස්ථාන හා කෝවිල් අසල විහාරස්ථාන ඉදිකරමින් සිංහලීකරණය කිරීමේ රජයේ වැඩපිළිවලක් ලෙස මෙය ද සැලසුම් කර තිබෙන්නේදැයි ජනතාව සැකය පළකර තිබේ.

එමෙන් අදාල බළධාරීන් සහ දේශපාලකයන් වහාම මේ සම්බන්‍ධයෙන් අවධානය යොමු කර කෝවිලට අයත් ඉඩම් යළි කෝවිලට ලබාදීමට පියවර ගන්නා ලෙස කෝවිල් පරිපාලකයන් සහ ප්‍රදේශවාසීන් ඉල්ලා තිබේ.