ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනපතිගෙන් සුබපැතුම්

ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඉතිහාසයේ ප්‍රථම වරට ක්‍රිකට් තරගාවලියක් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය සුබ පැතුම් පිරිනැමීය.

ඊයේ (06) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති ක්‍රිකට් තරගයේ දී ඔස්ට්‍රේලියාව පරාජය කරමින් ශ්‍රී ලංකාව ඓතිහාසික ජයග්‍රහණයක් හිමි කර ගත්තේය.

මෙම තරගාවලිය තුළ රංගන හේරත් කඩුළු ත්‍රිත්වයක් ලබාගැනීම ද සුවිශේෂි සිදු වීමක් ලෙසින් ක්‍රිකට් වාර්තා අතරට එක්වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top