SRILANKAN NEWS

ආරක්‍ෂක ලේකම් ඉවත් කරන්නැයි ඉල්ලීමක්..

සරත් විඡේසූරියආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්‌ටිආරච්චි මහතා තනතුරින් ඉවත් කළ යුතු යැයි සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජාතික ව්‍යාපාරයේ’ ජාතික කැඳවුම්කරු මහාචාර්ය සරත් විඡේසූරිය මහතා, ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

ඊයේ (21 දා) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විජේසූරිය මහතා මේ බව පවසා තිබේ.

වත්මන් ලේකම්වරයා කටයුතු කරන්නේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ඔළුවෙන් යෑයි ද ගෝඨාභයට අවශ්‍ය පරිදි කටයුතු කිරීම යහපාලනයට නුසුදුසු බවද හෙතෙම පවසා තිබේ.

විවිධ චෝදනා එල්ලවී ඇති වත්මන් ආරක්ෂක ලේකම්වරයා එම තනතුරින් ඉවත් කිරීමට වහාම කටයුතු කළයුතු බවද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.