හමුදාව කෙරෙහි ජනපතිට පූර්ණ විශ්වාසයක් ඇත – මහින්ද සමරසිංහ

මහින්ද සමරසිංහ හමුදාව කෙරෙහි ජනාධිපතිට පූර්ණ විශ්වාසයක් තිබෙන බවත්, ඇතැමුන් ප්‍රකාශ කරන පරිදි මෙරට හමුදාව කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් සිදුවීමට ඉඩකඩ නොමැති බව නිපුණතා සංවර්ධන සහ වෘත්තිය පුහුණු ඇමති මහින්ද සමරසිංහ මහතා පවසයි.

මෑතකදී ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා හමුදා කුමන්ත්‍රණයක් ගැන අදහස් ප්‍රකාශ කර තිබුණි.

මෙරට හමුදාව ත්‍රස්තවාදීන්ව පමණක් ඉලක්ක කරගනිමින් යුද්ධය කරපු නිසා සිවිල් ජීවිත දහස් ගණනක් රැකගන්න හැකි වුණි. අප හමුදාව වෘත්තිමය තත්ත්වය ආරක්ෂා කරගනිමින් ක්‍රියා කරන හමුදාවක්. සමහරු පාර්ලිමේන්තුවේ නැගිටලා හමුදාව කුමන්ත්‍රණයකට ලැහැස්ති වන බව කියන විට එය හමුදාවට නින්දාවක්. හමුදාවේ ආත්ම ගරුත්වයට එයින් විශාල හානියක් සිදු වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top