පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා පසුගිය රජය සමයේදී දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් එකතුවී කටයුතු කිරීමේදී සිදුකළැයි කියන රුපියල් මිලියන ගණනක විශාල මුදලක් අවභාවිත කළේ යැයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය ඊයේ (21) ප්‍රශ්න කර තිබේ.
ඒ අනුව අදාළ මුදල් අවභාවිත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැය දෙකක පමණ කාලයක් හිටපු මහ බැංකු අධිපතිවරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි.