ජනාධිපති සහ පළාත් මහ ඇමැතිවරුන් අතර හමුවක්..

maithri-cmsලබන වසරේ දී සිදුකිරීමට අපේක්ෂිත සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සියලු පළාත්සභා ප‍්‍රධාන අමාත්‍යවරුන් සහ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අතර සාකච්ඡාවක් ඊයේ (22) පස්වරුවේ පැවැත්විණි.

පාර්ලිමේන්තු ජනාධිපති නිල කාර්යාලයේදී පැවති මෙම සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ද එක් වූ අතර, එහිදී පළාත් මට්ටමෙන් සිදුකිරීමට නියමිත නව ව්‍යාපෘති සම්බන්ධයෙන් හා ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි.

එමෙන්ම පළාත් අමාත්‍යවරු තම පළාත්වල සිදුකිරීමට අපේක්ෂා කරන ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ද ජනාධිපතිතුමා ඉදිරියේ කරුණු දැක්වූහ.

මෙම අවස්ථාවට මුදල් අමාත්‍යාංශ ලේකම් ආර්.එච්.එස් සමරතුංග මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top