‘මහින්ද කියන මාධ්‍ය මර්දනය කුමක්‌දැයි ප්‍රශ්නයක්‌’ – ගයන්ත කරුණාතිලක

ගයන්ත කරුණාතිලකරටේ දැන් සිදුවෙනවා යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියන මාධ්‍ය මර්දනය කුමක්‌ද යන්න අපට ප්‍රශ්නයක්‌ බව. ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්‌කරණ ඇමැති ගයන්ත කරුණාතිලක මහතා කැබිනට්‌ තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඊයේ (23) ප්‍රකාශ කළේය.

එතුමා රාජ්‍ය පාලනය කළ කාලයේදී 2006 පෙබරවාරි 15 වැනිදා සිට 2015 ජනවාරි 09 වැනිදා දක්‌වා කාලය තුළ මාධ්‍යවේදීන් 13 දෙනකු ඝාතනය වී ඇති බවත් 87 දෙනකු පහරකෑම්වලට ලක්‌වී ඇති බවත් මාධ්‍ය ආයතන 4කට පස්‌ වතාවක්‌ ප්‍රහාර එල්ල වී ඇති බවත් ඇමැතිවරයා කීය.

මාධ්‍යවේදීන් විසිදෙදෙනකු එම කාලය තුළදී බොරු චෝදනාවලට අත්අඩංගුවට ගෙන ඇති බවත් තවත් මාධ්‍යවේදීන් පිරිසක්‌ ජීවිත තර්ජන හේතුවෙන් රට හැර යද්දී එක්‌නැලිගොඩ වැනි මාධ්‍යවේදීන් අතුරුදන් වුණු යුගයක රට පාලනය කළ හිටපු ජනාධිපතිවරයා අද කියන මාධ්‍ය මර්දනය කුමක්‌ද යෑයි තමන්ට පැහැදිලි නැති බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ජනමාධ්‍ය ශක්‌තිමත් කිරීම සඳහා වත්මන් රජය කටයුතු කරමින් සිටින බවත් කිසිදු අවස්‌ථාවක සීමාවන් හෝ නීති පැනවීමට තමන් කටයුතු නොකරන බවත් ඇමැතිවරයා පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top