2017 රට දිළිදුබවින් නිදහස් කර ගැනිමේ වසර ලෙස රජය විසින් ප‍්‍රකාශයට

2017-12017 වසර රට දිළිදුබවින් නිදහස් කර ගැනිමේ වසර ලෙස රජය විසින් ප‍්‍රකාශයට පත් කර තිබෙන අතර ඒ පිළිබඳ මූලික ප‍්‍රවේශයන් සහ කි‍්‍රයාත්මක කළ යුතු වැඩසටහන් පිළිබඳ අධීක්ෂණය කර අදාළ වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කිරීම සඳහා ජනාධිපතිතුමා විසින් විශේෂ මෙහෙයුම් කමිටුවක් පත් කර තිබේ.

2017 වර්ෂය රට දිළිදුබවින් නිදහස් කර ගැනීමේ වසර ලෙස කි‍්‍රයාවට නැංවීම සහ ශී‍්‍ර ලංකාවේ දරිද්‍රතාවය පිටුදැකීමේ උපාය මාර්ගික ප‍්‍රවේශය පිළිබඳ සාකච්ඡා කිරීමට ජනාධිපතිතුමා විසින් විශේෂ සාකච්ඡාවක් අද (25) දහවල් කැඳවා තිබුණි.

පාර්ලිමේන්තුවේ දී පැවති මෙම සාකච්ඡාවට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන්, පළාත් ආණ්ඩුකාරවරුන්, ප‍්‍රධාන අමාත්‍යවරුන් සහ ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරිහු සහභාගී වූ අතර එහිදී ජනාධිපතිතුමා විසින් මෙම කමිටුව පත් කරනු ලැබීය.

එම කමිටුවේ සභාපතිවරයා ලෙස සරත් අමුණුගම මහතා සහ සෙසු සාමාජිකයින් ලෙස අමාත්‍යවරුන් වන රවී කරුණානායක, කබීර් හෂීම්, සජිත් පේ‍්‍රමදාස, දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ යන මහත්වරුන් සහ පූජ්‍ය අතුරලියේ රතන ස්වාමින් වහන්සේ ද, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, අග‍්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් කටයුතු කරති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top