ලංකා ඊ නිව්ස් කර්තෘ අත්අඩංගුවට ගැනීමට රතු වරෙන්තුවක්

santhuruvanලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ සංස්කාරක සඳරුවන් සේනාධීර අත්අඩංගුවට ගැනීම සඳහා වහාම ජාත්‍යන්තර පොලිසියට දැනුම්දීමක් කරන්නැයි රතු වරෙන්තුවක් නිකුත් කරමින් ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය වන කවීන්ද්‍රා නානායක්කාර මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (25) නියෝග කර තිබේ.

රිවිර පුවත්හිපතේ හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමේ නඩුවට සම්බන්ධ සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීමට පෙර ඔහුගේ ඡායාරූප ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ පළ කර අධිකරණයට අපහාස කළැයි ඔහුට විරුද්ධව චෝදනා ගොනු කර ඇත.

ඳරුවන් සේනාධීර ශ්‍රී ලංකාවට පැමිණියහොත් අත්අඩංගුවට ගන්නා ලෙස ආගමන විගමන පාලක මධ්‍යස්ථානයටද නියෝග නිකුත් කර ඇති අතර ඔහුට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන ලෙසටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top