SRILANKAN NEWS

කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක්

35fad85f95dccd73717adabe74878983_xlකොටස් වෙළෙඳපොළ සංවර්ධනය සඳහා වන වැඩසටහනකට ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 250ක මූල්‍ය ආධාරයක් ශ්‍රී ලංකාවට ලබා දෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

 ඊට අදාළ ණය ගිවිසුමට ශ්‍රී ලංකා රජය හා ආසියානු සංවර්ධන බැංකුව පසුගිය 24 වැනි දා අත්සන් තබනු ලැබීය.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මෙම ණය ගිවිසුමට අත්සන් කළ අතර ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නේවාසික ධූත මණ්ඩල අධ්‍යක්ෂ වන ශ්‍රී විඩෝවතී මහත්මිය එම බැංකුව වෙනුවෙන් මෙම ණය ගිවිසුමට අත්සන් කළාය.

ආසියානු සංවර්ධන බැංකුවේ සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත් අරමුදලෙන් මෙම ණය මුදල ලබා දීමට නියමිතය.

කොටස් වෙළෙඳපොළ සංවර්ධන වැඩසටහනේ මූලික අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ රටේ අවශ්‍යතාවයන් සඳහා වඩා සාධනීය ලෙස ඒකරාශී කිරීමය. මෙමඟින් රටේ ආර්ථික සංවර්ධනය හා ආර්ථික වර්ධනය වඩා යහපත් ලෙස ඉහළ නැංවීමට බලාපොරොත්තු වේ. මෙම වැඩසටහන යටතේ කාර්යක්ෂමතාව දියුණු කිරීමට හා ස්ථාවර හා විනිවිදභාවයෙන් යුතුව කොටස් වෙළෙඳපොළ වර්ධනය කිරීමට ද බලාපොරොත්තු වේ. යෝජිත ඇමරිකානු ඩොලර් මිලියන 250ක ණය මුදලෙන් එක් කොටසක් ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 125 වන ලෙස වාර දෙකක දී ගෙවනු ලබන අතර අදාළ ප්‍රතිපත්ති ක්‍රියාකාරකම් සලකා ණය මුදල් නිකුත් කෙරෙනු ඇත.