ලසන්ත ඝාතනය කළේ යුද හමුදා බුද්ධි අංශයයි – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව

lasantha_ලසන්ත වික්‍රමතුංගසන්ඩේ ලීඩර් පුවත්පතේ ආරම්භක කර්තෘ මාධ්‍යවේදී, ලසන්ත වික‍්‍රමතුංග මහතාව ඝාතනය කළේ යුද හමුදා බුද්ධි අංශයෙන් සිදු කළ වෙඩි තැබීමකින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා (24) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

ලසන්ත වික්‍රමතුංග ඝාතනයෙන් පසු ඔහුගේ රියදුරා පැහැරගෙන ගොස් රඳවාගෙන සිටීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටින යුද හමුදා බුද්ධි අංශ නිලධාරි ප්‍රේම් ආනන්ද උදලාගම සම්බන්ධ විමර්ශන වාර්තා අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්රාත් මොහොමඩ් සහබ්දීන් මහතා ඉදිරියේ මේ බව ප්‍රකාශ කර ඇත.

මීට පෙර, ගල්කිස්ස අධිකරණයේදී පැවති හඳුනාගැනීමේ පෙරට්ටුවේදී තමාව පැහැරගෙන ගිය පුද්ගලයා වශයෙන්, ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ රියදුරුවරයා විසින් හමුදා බුද්ධි නිලධාරි ප්‍රේම් ආනන්ද උදලාගමව හඳුනාගැනීමට සමත් විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top