කියුබාවේ කොමියුනිස්ට් විප්ලවාදී ෆිදෙල් කස්ත්‍රෝ සමුගනියි

fidel-castroලෝකයේ සමාජවාදී ව්‍යාපාරයේ දැවැන්තයකු සේ සැලකෙන කියුබාවේ හිටපු නායක ෆිදෙල් කස්ත්‍රෝ මහතා අභාවප්‍රාප්තවී තිබේ. ඊයේ සවස් වනවිටසිය ජීවිතයෙන් සමුගත් බව වර්තමාන කියුබානු ජනාධිපති රවුල් කස්ත්‍රෝ විසින් නිවේදනයක් නිකුත් කොට තිබේ.මියයන විට ෆිදෙල් කස්ත්‍රෝ 90වන වියෙහි පසුවිය.

1926 අගෝස්තු 13 වන දා උපත ලැබූ ෆිදෙල් කැස්ත්‍රෝ සැලකෙන්නේ කියුබානු සමාජවාදී විප්ලවයේ නියමුවා ලෙසිනි. කියුබානු විප්ලවය මෙහෙයවා 1959 වසරේදී බලයට පැමිණි ඔහු සමාජවාදී කියුබාව තුළ වසර 49ක් පුරා පාලනය කළේය.

එමෙන් ම කියුබානු කොමියුනිට්ස් පක්ෂයේ ප්‍රධාන ලේකම් ලෙස 2011 වසර තෙක් කටයුතු කළ ඔහු 2008 වසරේදී රාජ්‍ය නායකත්වය සිට සහෝදර රාවුල් කැස්ත්‍රෝට පැවරී ය. ඒ අනුව ෆිදෙල් කැස්ත්‍රෝ 2011 වසරේදී තම දේශපාලන දිවියට සමු දුන්නේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top