SRILANKAN NEWS

අරගලය සහ සංවිධානය අපහස කරන්න එපා – සිවාජිලිංගම් ..

සිවාජිලිංගම්ජාතික අරගලය සහ ජාතික සංවිධානය අපහස නොකරන ලෙස ජාතික සහජීවන, සංවාද සහ රාජ්‍ය භාෂා පිලිබද අමාත්‍ය මනෝ ගනේශන් මහතාගෙන් උතුරු පළාත් සභා මන්ත්‍රී කේ. සිවාජිලිංගම් මහතා ඉල්ලා තිබේ.

යාපනය මාධ්‍ය මධ්‍යස්ථානයේ අද (28) දින පැවැති මාධ්‍ය හමුවකදී සිවාජිලිංගම් මහතා මේ බව පවසා සිටියේය.

එල්.ටී.ටී.ඊ. සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් බවත්, මහවිරුවන් දිනය සමරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට මනෝ ගනේෂන් මහතා ගාල්ලදි පැවැති උත්සවයක් අමතමින් පවසා තිබූ බව පෙන්වාදුන් සිවාජිලිංගම් මහතා, 2002 වසරේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක ප්‍රබාකරන් දෙමළ පක්‍ෂ සියල්ල කැඳවා සාකච්ඡා කළ අවස්ථාවේ මනෝ ගනේෂන් තෘප්තිමත් යෝජනා රැසක් ඉදිරිපත් කර වාර්තාවක් නිකුත් කළ අතර, කොටි සංවිධානය සමඟ එක්වී වැඩ කටයුතු රැසක් ඉටුකරමු යැයි පවසා තිබූ බවත්, එදා ත්‍රස්තවාදීන් යැයි නොදැකපු එල්.ටී.ටී.ඊ. සංවිධානය අද ත්‍රස්තවාදීන් යැයි පෙනෙන්නේදැයි සිවාජිලිංගම් මහතා ප්‍රශ්ණ කර තිබේ.

අමාත්‍ය ධූරය අවශ්‍ය නම් ඔනෑ තරම් වරප්‍රසාද ලබාගෙන නැතිනම් ඇලී ගෙන සිටිය හැක. ඒ සඳහා ජාතික අරගලය සහ ජාතික සංවිධානය අපහස නොකරන ලෙස ද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.