පළාත් පාලන මැතිවරණය කල්දැමීමට සූදානමක් නැහැ – ෆයිසර් මුස්තාපා

ෆයිසර් මුස්තාපාපළාත් පාලන මැතිවරණය කිසිසේත් කල්දැමීමට සූදානමක් නැතැයි පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අද (29) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පළාත් පාලන මැතිවරණය කල්දමා ඇත්තේ මන්දැයි විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ පැහැදිළි කිරීම සිදුකළේ ය.

මැතිවරණය කල්දැමීමට කිසිදු ලෙසකින් තමන් කටයුතු කර නොමැති බව කී අමාත්‍යවරයා, සීමා නීර්ණ වාර්තා සම්බන්ධයෙන් වන අභියාචනා ක්‍රියාදාමය අවසන් වූ වහාම ඡන්දය පැවැත්වීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top