කරුණා අම්මාන දෙසැම්බර් 7 දක්වා රිමාන්ඩ්

කරුණා

හිටපු අමාත්‍ය විනායගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ව දෙසැම්බර් 7 දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (29) නියෝග කර තිබේ.

රුපියල් අසු කෝටියක වෙඩි නොවදින රජයේ වාහනයක් අවභාවිතාවය සම්බන්‍ධයෙන් අද පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට කැඳවා තිබූ අතර, අදාළ චෝදනාව යටතේ ඔහු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන අලුත්කඩේ උසාවියට ඉදිරිපත් කළේය.

 

 

 

 

කරුණා අම්මාන් FCID යට

හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අද (29) මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණ ඇතැයි වාර්තා වේ.

ජනාධිපති ලේකම් කාර්‍යාලයට අයත් වාහනයක් අවභාවිතා කිරීමේ චෝදනාවක් සම්බන්‍ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහුව කැඳවා තිබේ.

පසුගිය දා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට ලැබුණු තොරතුරක් මත මඩකළපුව ප්‍රදේශයෙන් රුපියල් කෝටි 9ක් පමණ වටින අදාළ වෙඩි නොවදින මෝටර් රථය සොයාගෙන තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top