තව්හීද් ජමාත් අබ්දුල් රාසික් යළි රිමාන්ඩ්

රාසික්තව්හීද් ජමාත් නැමැති සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික්ව ලබන 9 වනදා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද (29) නියෝග කර තිබේ.

2016.11.03 ලන දින මාලිගාවත්ත පොලිස් වසමේ ප්‍රදීපා මාවතේ තව්හිද් ජමාත් සංවිධානය විසින් පැවැත්වූ උද්ඝෝෂනයකදී බුදු දහමට නින්දාවන ලෙස සහ ආගමිකයින් කුපිත වන ලෙස අදහස් ප්‍රකාශ කළැයි චෝදනා මත අබ්දුල් රාසික් නමැත්තා මාලිගාවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර පසුව අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

ඔහුගේ ඇප ඉල්ලුම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ ඔහුට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන එවැනිම නඩුවක යළි කිසිදු ආගමකට අපහාස නොකරන්නැයි ලබාදුන් ඇප කොන්දේසිය කඩකිරීම නිසා ඇප ලබාදිය නොහැකි බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top