මුරුකන්ඩි ප්‍රදේශයේ සිඳුවූ රිය අනතුරකින් 14 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
අද පෙරවරු 7ට පමණ අක්කරපත්තුව සිට යාපනය බලා ගමන් කරමින් සිටි ලංගම බස් රථයක් සහ මල්ලාවී සිටි කීරිමලයි බලා ගමන් කරමින් සිටි පුද්ගලික බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිඳුව තිබේ. පුද්ගලික බස් රථයේ ගමන් කළ 14 දෙනෙකු එහිදී තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුලත් කර තිබේ.
සිද්ධිය සම්බන්‍ධයෙන් මාන්කුලම් පොලීසිය විසින් වැඩිදුර විමර්ශණ කටයුතු ආරම්භ කර තිබේ.

