හෙට උදෑසන 8.00 සිට දිවයින පුරා වැඩවර්ජනයක් කි‍්‍රයාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇතැයි වාර්තා වේ.
මෙවර අයවැයෙන් පොදුවේ රාජ්‍ය සේවයට හා නොමිලේ ලබන සෞඛ්‍ය සේවයට බලපාන අහිතකර කරුණු ගණනාවක් මුල්කරගෙන හෙට (30) මෙම වැඩවර්ජනය දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටියි.
ඒ අනුව කාන්තා, ළමා, පිළිකා රෝහල් හා හදිසි අනතුරු සේවා හැර දිවයින පුරා සියළු රෝහල්හි මෙම වර්ජනය ක්‍රියාත්මක වන බවත්, එය ඇතැම්විට අඛණ්ඩ වැඩවර්ජනයක් දක්වා ඇදීයාමට ඉඩඇති බවද එම සංගමය පවසා තිබේ.
අද (29) කොළඹ විද්වත් වෘත්තීයවේදීන්ගේ සංගම් කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා විසින් මේ බව පවසා තිබේ.
මෙවර අයවැයෙන් යෝජනා කර ඇති අහිතක කරුණු ගණනාවක් සම්බන්ධයෙන් තම විරෝධය පළ කළද, මෙතෙක් ඒ සඳහා සුබවාදී ප්‍රතිචාරයක් නොලැබීම නිසා මෙම ක්‍රියා මාර්ගය ගත් බවද එහිදී වැඩිදුරටත් පවසා තිබේ.
Add Comment