මෙරට විසු කෘතහස්ත දේශපාලඥයෙකු වූ පොන්නම්බලම් රාමනාදන් මහතාගේ 86 වැනි ගුණ සමරුව අද බන්ධනාගාර හා පුනරුත්ථාපන හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම් ස්වාමිනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවැත්වේ.
මෙම වැඩසටහන දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය හේමකුමාර නානායක්කාර මහතා විසින් සංවිධනය කරනු ලබන අතර ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය ද මේ අවසථාව සඳහා සහභාගී වීමට නියමිතය.
සර් පොන්නම්බලම් රාමනාදන් මහතා 1951 වර්ෂයේ අප්‍රේල් 15 කොළඹ දී උපත ලැබු අතරරාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබු හෙතෙම 1873 – 1886 වන තෙක් නීතිවේදියෙකු ලෙස කටයුතු කළේය.
පොන්නම්බලම් රාමනාදන් 1879 සිට 1892 කාලය තුළ ද්‍රවිඩ භාෂාව කතා කරන ජනයා නියොජනය කරමින් ව්‍යවස්ථාදායක සභාවේ නිලනොවන සාමාජිකයෙකු ලෙස කටයුතු කළේය. 1892 වර්ෂයේ ශ්‍රි ලංකාවේ ආණ්ඩුකාරවරයා ලෙස පත් වූ අතර 1906 තෙක් එම තනතුර හෙබවිය. 1897 වික්ටෝරියා රැජිනගේ 50 වන සංවත්සරය සඳහා ශ්‍රී ලංකික නියෝජිතයා ලෙස රජය විසින් එංගලන්තයට යවනු ලැබුවේ පොන්නම්බලම් රාමනාදන්වය. එම උත්සවයේදී ඔහුට බ්‍රිතාන්‍ය රාජධානියේ පරිපූර්ණම දේශකයා වශයෙන් රැජිනගෙන් රන් සම්මානයක් හිමිවිය. ඒ මහතා 1930 නොවැම්බර් මස 30 වැනි දින අභාවප්‍රාප්ත විය.
Add Comment