ජනවාරි 8 අරලිය ගහ මන්දිරයට ගිය විදේශ අමාත්‍යාංශ නිලධාරීන් කවුද?

බිමල්2015 වසරේ ජනවාරි 8 වැනිදා පැවැති ජනපතිවරණයේ ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙමින් පවතින විට විදේශ කටයුතු අමාත්‍යාංශයේ සේවය කළ. ඇතැම් නිලධාරින් හා නිලධාරීන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා එවකට පදිංචිව සිටි අරලිය ගහ මන්දිරය වෙත පැමිණ සිටි බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (30දා) හෙළි කළේය.

ස්වාධීන නිලධාරීන් වශයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් එසේ කටයුතු කිරීමට හැකියාවක් නොමැති බවත් ඔහු පැවැසීය.

එසේම හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ඇතැම් විදේශ සංචාරයන්හි දිනක හෝටල් ගාස්තු ලක්ෂ 45ක් වී තිබුණ බවත් එම බිල් විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ගෙවා ඇති බවත් ඔහු පාර්ලිමේන්තුවට හෙළි කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top