SRILANKAN NEWS

ආසියානු රදගුරු සම්මේලනය පැවැත්වීම සතුටට කරුණක් – ජනපති

Maithripala-Sirisena - මෛත්‍රීශතවර්ෂ ගණනාවක් පුරා එකිනෙකාගේ මතයන්ට, සංස්කෘතීන්ට හා චාරිත‍්‍ර වලට ගරු කරන සහජීවන පරිසරයක් සහිත ශ‍්‍රී ලංකාවේ, 11 වන ආසියානු රදගුරු සම්මේලනය පැවැත්වීම සතුටට කරුණක් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.

නොවැම්බර් මස 28 සිට දෙසැම්බර් 04 දක්වා මීගමුවේ පැවැත්වෙන 11 වන ආසියානු රදගුරු සම්මේලනයට සහභාගී වන කාදිනල්වරුන් ප‍්‍රමුඛ විදේශීය නියෝජිතයින් සහ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අතර ඊයේ (30) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී පැවති සුහද හමුවේදී ජනාධිපතිතුමා මේ බව අවධාරණය කළේය.

ආසියානු රදගුරු සමුළුවේ වර්තමාන සභාපතීත්වය දරන His Eminence Oswald Cardinal Gracias  අගරදගුරුතුමා සහ ශුද්ධෝත්තම ෆැන්සිස් පාප් වහන්සේ නියෝජනය කරමින් Archbishop Pierri Nquyen Van Tot  අගරදගුරුතුමා ද ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා ද මෙම හමුවට එක්ව සිටියහ.

ආසියානු රටවල් 17 ක් නියෝජනය කරමින් කාදිනල්වරුන් සහ කැනඩාව, ස්පාඤ්ඤය, පෝලන්තය, ප‍්‍රංශය, ඉතාලිය හා ඇමරිකා එක්සත් ජනපදය නියෝජනය කරමින් විදේශීය නියෝජිතයින් 140 කට ආසන්න පිරිසක් ජනාධිපතිතුමා සමග මේ අවස්ථාවට සහභාගී වූහ.