ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය ජනාධිපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

1cc90fb8a07edf8b2fcb3cff8ebe80de_xlජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.

ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් රැස් වූ පස්වන අවස්ථාව මෙය වන අතර ශාසනික අභිවෘද්ධිය වෙනුවෙන් ගත යුතු පියවරයන් පිළිබඳ පිරිවෙන් අධ්‍යාපනය, සාමණේර ආයතන, ථේරවාදී බෞද්ධ මධ්‍යස්ථාන ගොඩනැගීම, 2017 ජාත්‍යන්තර වෙසක් උත්සවය යන ක්ෂේත‍්‍ර 04 ක් යටතේ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

ජාතික සංහිඳියාව සම්බන්ධයෙන් සියලු පාර්ශවයන් සහභාගී කර ගන්නා වූ වට මේස සාකච්ඡාවක් පැවැත්වීමට ද තීරණය කෙරුණු අතර එහිදී බෞද්ධ බුද්ධි මණ්ඩලයේ නිර්දේශ සහ උපදෙස් ලබා ගැනීමේ අවශ්‍යතාවය ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top