SRILANKAN NEWS

නාඩා සුළි කුණාටුවට මුහුණදීමට සූදානම් – කිලිනොච්චිය සෞඛ්‍ය අංශය

kiliකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදනයට අනුව කිලිනොච්චිය දිස්ත්‍රික්කයට ඉදිරි පැය 24 තුළ කි.මී 83 – 93 දක්වාවූ වේගයෙන් සුළි කුණාටු තත්වයක් ඇතිවිය හැක. ඒ අතර මි.මී 46 -57 දක්වාවූ වර්ෂාවක් සහ දැඩි සීතලක් ද ඇතිවිය හැකි බව පැවැසේ.

දැඩි වැහි මන්දාරම් සහිත කාලගුණික තත්ත්වය හා සුළි කුණාටු තත්වය හේතුවෙන් ඇතිවිය හැකි ගමනා ගමන බාධා, විදුලිය හා සන්නිවේදන සේවය බිඳවැටීමේ අවධානම නිසා පහත සඳහන් පෙර සූදානම්ව සිටින ලෙස ඉල්ලා තිබේ.

ගැබිණි මව්වරුන් සහ මාසයක්‌ වයසැති දරුවන් සිටින මව්වරුන් අසල පිහිටි රෝහල්වල ගොස් රැඳී සිටීම ආරක්‍ෂකාරීය. තාවකාලිකව අවතැන් කඳවුරුවල රැඳී සිටීමට සිඳුවුවහොත් ඔබගේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය නිළධාරීන්ට (Public health filed officers) හෝ 0770212765 අංකයට වහාම දැනුම් දෙන්නැයි ඉල්ලා තිබේ.

හදිසි අවස්ථාවක සෞඛ්‍ය නිළධාරීන්ගේ උදව් බලාපොරොත්තු වන්නේනම් පහත සඳහන් අංකයට ඔනෑම අවස්ථාවකදී ඇමතුමක් ලබා දෙන ලෙස ද ඉල්ලා තිබේ.

කිලිනොච්චිය දිස්ත්‍රික්කය –
දිස්ත්රික් සෞඛ්ය ආපදා කළමනාකරණ මධ්යස්ථානය – 0243248197 හෝ 0212285931.

කිලිනොච්චිය දිස්ත්‍රික්ක රෝහල – 0212285328

කන්ඩාවලයි ප්‍රදේශය –
ප්‍රාදේශිය රෝහල දර්මපුරම් -0212060469
කන්ඩාවලයි සෞඛ්‍ය නිළධාරී මධ්‍යස්ථානය – 0212060415

පලයි ප්‍රදේශය –
ප්‍රාදේශිය රෝහල පලයි – 0212050025
පලයි සෞඛ්‍ය නිළධාරී මධ්‍යස්ථානය – 0212050024

පූනගරි ප්‍රදේශය –
මුලන්කාවිල් රෝහල – 0243244010
පූනගරි ප්‍රාදේශිය රෝහල 0212060854
පූනගරි සෞඛ්‍ය නිළධාරි මධ්‍යස්ථානය – -0212060822
වේරවිල ප්‍රාදේශිය රෝහල – 0243247238
ජෙයපුරම් ප්‍රාථමික සෞඛ්‍ය සේවා අංශය -0717574197

කරයිච්චිය ප්‍රදේශය –
උරුත්තිරපුරම් ප්‍රාදේශිය රෝහල – 0770212765
අක්කරායන්කුලම් ප්‍රාදේශිය රෝහල – -0774332446
කරයිච්චිය සෞඛ්‍ය නිළධාරි මධ්‍යස්ථානය – 0212283823