SRILANKAN NEWS

මංගලගේ ප්‍රකාශය තරයේ හෙළා දකිනවා – ගෝඨාබය රාජපක්‍ෂ

gotabaya_ci ගෝඨාභය රාජපක්ෂවිදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සිදුකළ ප්‍රකාශය තරයේ හෙළා දකින බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර නිවසක් කුලියට ගෙන එය ගෝඨාභය රාජපක්ෂ තම පුතාගේ පරිහරණයට ලබාදුන් බවත් එහි කුලිය විදේශ කටයුතු අමාත්‍යංශය හරහා ලබාදී ඇති බවට මංගල සමරවීර මහතා විසින් කළ චෝදනාවෙහි කිසිඳු සත්‍යතාවයක් නොමැති බව හෙතම පවසා තිබේ.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කර තිබේ. මෙය තමන් අපකීර්තියට පත් කිරීමට දරණ තවත් ලාබාල ප්‍රයත්නයක් බවත්, මංගල සමරවීර අමාත්‍යවරයා ද්වේශ සහගතව සහ පදනම් විරහිතව මෙම ප්‍රකාශය සිදුකර ඇති බවද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.