රවිරාජ් ඝාතන නඩුවට සම්බන්‍ධ සාක්කිකරුට විශේෂ ආරක්‍ෂාවක්

රවිරාජ්හිටපු ඇමති විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් පාර්ශවය විසින් තර්ජනයක් එල්ලවිය හැකි බැවින් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය සිද්ධියේ ප්‍රධාන සාක්කිකරුට බන්‍ධනාගාරය තුළ විශේෂ ආරක්‍ෂාවක් ලබාදී තිබේ.

රවිරාජ් ඝාතනයට කරුණා පාර්ශ්වය සම්බන්ධ බවට නඩු විභාගයේදී සාක්කි දෙමින් ප්‍රකාශ කළ ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කළ හිටපු පොලිස් කොස්තාපල් ප්‍රීති විරාජ් මනම්පේරි නැමැත්තාට මෙලෙස විශේෂ ආරක්‍ෂාව ලබාදී තිබේ.

දැනටමත් රක්ෂිත බන්ධනාගාරයේ පසුවන නඩුවේ පළමු සාකකිකරු වන ප්‍රීති විරාජ් මනම්පේරිගේ ජීවිතයට කරුණා පාර්ශවයේ සාමාජිකයන්ගෙන් බන්ධනාගාරය තුළදී තර්ජනයක් විය හැකි බැවින් ඔහුට විශේෂ ආරක්ෂාව සපයන ලෙස ඔහුගේ නීතිඥ දර්ශන රන්මුතුගල මහතා කළ ඉල්ලීම සලකා බැලු කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මහිලාල් වෛද්‍යතිලක මහතා බන්ධනාගාර අධිකාරිවරයාට ඊයේ (30) මෙම නියෝගය නිකුත් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top