SRILANKAN NEWS

පුරවැසිභාවය ඉල්ලා ගුණරත්නම්ගෙන් ඉල්ලුම් පත්‍රයක්

කුමාර් ගුණරත්නම්පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මහතාට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකාවේ ආගමන විගමන පාලකට ඊයේ (02) ඉල්ලුම්පත්‍රයක් භාරදුන් බව එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය.

මේ ආකාරයට වසර 2015 පෙබරවාරි 18 , නොවැම්බර් 2 ඉල්ලුම් පත් ලබාදුන් බවත් ඊයේ තෙවැනිවරටත් කුමාර් ගුණරත්නම් මහතාගේ පුරවැසිභාවය ඉල්ලා ඉල්ලුම් පත්‍රයක් භාරදුන් බවත් ඒ මහතා කීවේය.

මේ වනවිට ගුණරත්නම් මහතා නිදහස් කැර තිබෙන අතර ඔහුට මෙරට සිටීමට වීසා මාස තුනකට ලබාදී ඇතැයිද ජයගොඩ මහතා පැවසීය.

කුමාර් ගුණරත්නම් පුරා වසරක කාලයක් බන්ධනගාර ගතව සිටීමෙන් පසු ඊයේ (02) නිදහස ලැබීය.

පසුගිය වසරේදී කෑගල්ලේ පිහිටි ඔහුගේ මවගේ නිවසේදී අත්ඩංගුවට පත්වූයේ වීසා නොමැතිව ලංකාවේ රැඳී සිටීමේ වරදටයි.

ඕස්ට්‍රේලියානු පුරවැසියෙක් වන ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු රඳවා සිටියේ අනුරාධපුර බන්ධනාගාරයේය. ජනතා විමුක්ති පෙරමුණේ නායකයකුව සිටි කුමාර් ගුණරත්නම් මහතා එම පක්ෂයේ ඉල්ලීම මත මිට වසර ගණනාවකට පෙර විදේශගතවිය.