තහනම් බාධාවන් නොතකා ලබන 7 වනදා පැවැත්වීමට නියමිත කච්චතීව් දේවස්ථානය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වන බව රාමේස්වරම් ධීවර සංගමයේ නායක ජේසු රාජා පවසයි.
මාධ්‍යවේදීන් වෙත අදහස් ප්‍රකාශ කරමින් ඔහු මේ බව පවසා තිබේ. ඔනෑම අවස්ථාවක කච්චතිව් යාමට තමිල්නාඩු ධීවරයන්ට අවසරයක් තිබේ. මෙවැනි තත්වයකදී 1983 වසරෙන් පසු ශ්‍රී ලංකාව තුල පැවැති අභ්‍යන්තර යුද්දය හේතුවෙන් කච්චතිව් යාමට තමිල්නාඩු ධීවරයන්ට බාධා නියාමයන් පනවා තිබුණි.
අනතුරුව රාමේස්වරම් වරායේදී ශාන්ත ඇන්ටනි දේවස්ථානයක් ඉදිකර ආගමික කටයුතු සිදු කෙරුණි. පසුගිය වසර පහක කාලයක් තිස්සේ කච්චතිව් ගොස් ශාන්ත ඇන්ටනි දේවස්ථානයේ ආගමික කටයුතුවලට සහභාගිවන්නෙමු. නමුත් අලුතින් ඉදිකර තිබෙන දේවස්ථානය විවෘත කිරීමේ උත්සවයට තමිල්නාඩුවේ සිට කිසිවකු සභාගිවීමට අනුමැතිය ලබා නොදෙන බව මධ්‍යම රජය පවසා තිබීම හාස්‍ය ජනකය. කෙසේ නමුත් දේවස්ථානයේ උත්සවයට සහභාගිවීමට සූදානමින් සිටින්නෙමු යැයි හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.
Add Comment