SRILANKAN NEWS

පසුගිය සති දෙකක් තුල රිය අනතුරු 10%කින් අඩු වෙයි

accident අනතුරපසුගිය සති දෙකක කාලය තුල වාහන අනතුරු 10%කින් අඩු වී ඇතැයි රථවාහන පොලීසිය පවසනවා.

දිනපතා පොලීසිය වෙත වාර්තා වන අනතුරු සංඛ්‍යාව 100 – 125ත් අතර වනවා.

ඉන් අනතුරු 40 – 50ත් අතර සංඛ්‍යාවක් බරපතල ගණයේ අනතුරු බව රථවාහන පොලීසිය පෙන්වා දෙනවා. පසුගිය සති දෙක තුල පොලීසියට වාර්තා වූ අනතුරු සංඛ්‍යාව 90 – 100ත් දක්වා අඩු වී තිබෙනවා.

පසුගිය වසරේ අනතුරු 40,000ක් පමණ වාර්තා වී ඇති අතර, එමඟින් පුද්ගලයන් 2799 දෙනෙකු මියගොස් තිබෙනවා. 15,000ක් පමණ තුවාල ලබා තිබෙනවා.