හිටපු නියෝජ්‍ය ඇමැති විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් විසින් ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර තිබේ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලිපිටිය මහතා විසින් කරුණා අම්මාන්ගේ ඇැප ඉල්ලීම අද (5) ප්‍රතික්ෂේප කළේය.
පසුගිය පාලන සමයේ කෝටි 7ක වටිනාකමකින් යුත් වෙඩි නොවදින රජයේ වාහනයක් අවභාවිත කිරීමේ සම්බන්ධයෙන් කරුණා අම්මාන්ව පසුගිය නොවැම්බර් මස 29 වනදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
ඇප ඉල්ලීම දෙසැම්බර් 07 වැනි දා යළි සලකා බැලීමට නියමිතයි.