තිස්ස අත්තනායකට ඇප

තිස්සරක්ෂිත බන්ධනාගාරගතව සිටි එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට කොළඹ මහාධිකරණය විසින් අද (05) ඇප ලබාදී තිබේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේ කූට ලේඛන සැකසීම ඇතුළු චෝදනා තුනක් යටතේ බන්ධනාගාරගතව සිටි ඔහුට රුපියල් 25000 මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 4ක් මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය නියෝග කර තිබේ.

ඊට අමතරව ඔහුට විදසේ ගමන් තහනම් කෙරුණු අතර නඩුව ලබන මාර්තු 20 වන දා සිට අඛණ්ඩව විභාගයට ගැනීමට ද තීරණය කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top