SRILANKAN NEWS

රට දැවැන්ත මුල්‍ය අර්බුදයක – බන්දුල ගුණවර්ධන

banthula- බන්දුලමෙරට තුළ ඇති වී තිබෙන මුල්‍ය අර්බුදය විසදීම සදහා මැදිහත් වන්නැයි එක්බද්ධ විපක්ෂයේ ආර්ථික විද්වත් කමිටුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා තිබේ.

රුපියල අවප්‍රමාණය වීම සහ ඇමරිකානු ඩොලරයේ වටිනාකම ඉහල යාම වැඩිවෙමින් පවතින බව ඊයේ (04) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා පවසා තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය තුළ ඇමරිකානු ඩොලරයක වටිනාකම රුපියල් 131 ක් ලෙස පවත්වා ගෙන යාමට හැකියාව ලැබුන ද මේ වන විට එහි වටිනාකම 160 දක්වා ඉහළ ගොස් තිබෙන බවත්, වත්මන් යහපාලන ආණ්ඩුව තුල සිටින ආර්ථික කටයුතු පිළිබදව හසල දැනුමක් ඇති එරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා, දයා ගමගේ වැනි අමාත්‍යවරුන් මේ අර්බුදකාරි තත්ත්වය පිළිබදව නිහඩ පිළිවෙතක් අනුගමනය කිරීම පිළිබදව කනගාටු වන බවද පවසා තිබේ.

එමෙන්ම පසුගිය රජය සමයේ දි පැවති විදෙස් මුදල් සංචිත ද මේ වන විට පහල වැටි ඇත්තේ යහපාලන ආණ්ඩුවේ අසාර්ථක මූල්‍ය කලමනාකරණය හේතුවෙන් බවද මන්ත්‍රිවරයා විසින් වැඩි දුරටත් අවධාරණය කර තිබේ.