INDIAN NEWS

තමිල්නාඩුවේ වැඩ බලන මහ ඇමැතිවරයා ගැන අද ප්‍රකාශයට පත්කරයි ?

තමිල්නාඩුතමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන ඇමතිනි ජයලලිතා ජයරාම් නැවතත් අසනීප වීම හේතුවෙන් ඇයගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමක පැමිණෙන තෙක් තමිල්නාඩුවේ වැඩ බලන මහ ඇමැතිවරයකුව තමිල්නාඩු ආණ්ඩුකාර විද්‍යාසාකර් රාව් මහතා විසින් අද දින ප්‍රකාශයට පත්කරනු ඇතයි වාර්තාවේ.

අසනීප තත්වය නිසා පසුගිය දින 74ක කාලයක් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි ජයලලිතා හදවත් රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ පස්වරුවේ සිට ඇය යළි රෝහලේ ප්‍රතිකාර ලබන බව ඉන්දියාවේ ඇපලෝ රෝහල විසින් වාර්තාවක් නිකුත් කිරීමෙන් අනතුරුව තමිල්නාඩුවේ දැඩි වාතාවරණයක් ඇතිවී තිබෙන බව වාර්තාවේ.

මෙවැනි තත්වයකදී තමිල්නාඩු ආණ්ඩුවේ පවතින අර්බුදකාරි තත්වය පාලනය කිරීම සඳහා වහාම වැඩ බලන මහ ඇමැතිවරයකු පත්කරන ලෙස ඉන්දිය මධ්‍ය රජය විසින් තමිල්නාඩු ආණ්ඩුකාර විද්‍යාසාකර් රාව් මහතාට දැනුම් දී ඇති බව ද වාර්තාවේ.

අද සවස අ.ති.මු.ක. පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමේදී මේ සම්බන්‍ධයෙන් සාකච්ඡා කර නව වැඩ බලන මහ ඇමැතිවරයා ප්‍රකාශයට පත්කරනු ඇති බව බලාපොරොත්තුවේ.