ජනපතිට සහ අගමැතිට සිතාසි

මෛත්‍රී රනිල්ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට මාර්තු මස 20වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්න ලෙස කොළඹ මහාධිකරණය අද (05) සිතාසි නිකුත් කළා.

කූට ලේඛන සකස් කිරීමේ චෝදනා යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායකට එරෙහි නඩුවේ සාක්ෂි ලබා දීම සඳහා මෙලෙස කැඳවා තිබේ.

ජනාධිපතිවරයාට අමතරව පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 13 දෙනෙකුට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනි වීරවර්ධන නියෝග කර තිබේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී එවකට පොදු අපේක්ෂකවරයා වූ මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහ විපක්ෂ නායකවරයා වූ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අත්සන් යෙදූ ලේඛනයක් මාධ්‍ය මගින් ප‍්‍රසිද්ධ කර ජනවාර්ගික හා ආගමික ගැටුමක් ඇති කිරීමට උත්සාහ කළ බට හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායකට එරෙහිව චෝදනා එල්ලවී තිබේ.

අදාළ නඩුව අද කැඳවූ අස්ථාවේදී තිස්ස අත්තනායක රුපියල් විසිපන්දහසක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 4ක් මත මුදා හැරුණා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top