විපක්‍ෂ නායකයා ලෙස සම්බන්‍ධන් පත්වුයේ ජාතියේ අවාසනාවටයි – ගම්මන්පිල

Udaya Gammanpila ගම්මන්පිලමෙරට විපක්ෂ නායක ධූරය සදහා ද්‍රවිඩ ජතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා පත්වුයේ ජාතියේ අවාසනාවට බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ අද (05) පිටකෝට්ටේ පිහිටි එම පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්ය.

තහනම් සංවිධානයක් ලෙස නම් කරන ලද එල්.ටී.ටී.ඊ. සංවිධානයේ දේශපාලන අංශයේ කටයුතු කළ ප්‍රබල සාමාජිකයෙකු වු ආර්.සම්බන්ධන් මහතාගෙන් කිසිදු අවස්ථාවක රටට යහපතක් වනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි බවත්, තහනම් සංවිධානයක දේශපාලන අංශය ද තහනම් විය යුතු බවත් එම අංශය නියෝජනය කළ පුද්ගලයින්ද තහනම් පුද්ගලයින් බවට පත්විය යුතු බව ද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top