නැවකින් කොකේන් කිලෝ 800 ක් අල්ලයි..

කොකේන්කොළඹ වරායට පැමිණි නෞකාවක තිබී කොකේන් කිලෝග්‍රෑම් 800 ආසන්න ප්‍රමාණයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සොයාගෙන තිබේ.

දැව ප්‍රවාහනය කරන එම නෞකාව ඉක්වදෝරයේ සිට, ඉන්දියාව බලා යාත්‍රා කිරීමට පැමිණ ඇති අතර, අදාළ නෞකාවේ කොකේන් ඇති බවට ලද ඔත්තුවක් මත පරීක්ෂා කළ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය පවසයි

අල්ලා ගන්නා ලද කොකේන් තොගයේ වටිනාකම රුපියල් කෝටි 800 ක් පමණ වෙතැයි විශ්වාස කෙරෙන අතර, ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් අල්ලා ගන්නා ලද විශාලතම කොකේන් තොගය මෙයවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top