ලංකා ඊ නිවුස් කතෘට එරෙහිව වරෙන්තුව ක්‍රියාත්මක කිරීමට ඉන්ටර්පෝල් බැහැ කියයි..

santhuruvan ඊ නිව්ස් සඳරුවන්ලංකා ඊ නිවුස් කතෘ සඳරුවන් සේනාදීරට එරෙහිව රතු වරෙන්තුව නිකුත් කිරීම ජාත්‍යන්තර පොලිසීය ප්‍රතික්‍ෂේප කර තිබේ.

ලංකා ඊ නිවුස් කතුවරයා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා විසින් ජාත්‍යන්තර පොලීසිය වෙත ඉල්ලා තිබුණි. කෙසේ නමුත් එම ඉල්ලීම ජාත්‍යන්තර පොලීසිය ඉන්ටර්පෝල් විසින් ප්‍රතික්‍ෂේප කර තිබේ.

අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරිය විසින් පසුගියදා මෙම නිවේදනය නිකුත් කර තිබුණි. අධිකරණයේ නඩු පවරා නොමැති හෙයින් රතු වරෙන්තුවක් නිකුත් කිරීමට නොහැකි බව ජාත්‍යන්තර පොලීසිය අවධාරණය කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top