මානව හිමිකම් ක්‍රියාකාරීන් හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන ක්‍රියාධරයින් වන ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදහන් කර (09)ට වසර 05ක් සපිරේ.
අතුරුදහන්වීම සම්බන්ධයෙන් යාපනය මහාධිකරණයේ පසුගිය දෙසැම්බර් 02වැනිදා කැඳවුණ නඩු විභාගය එළඹෙන වසරේ අප්‍රේල් 27වැනිදා දක්වා යළි කැඳවීමට අධිකරණය තීරණය කර තිබේ.
ලලිත් කුමාර් වීරරාජ් හා කූගන් මුරුගානන්දන් අතුරුදහන්වීමේ සිද්ධිය විශේෂ සිද්ධියක් වනුයේ ඔවුන් යාපනයේ අතුරුදහ්න්වූවන් සෙවීමේ ප්රමුඛ මානව හිමිකම් ක්‍රියාධරයින් වීම හේතුවෙනි.
2011 එවකට සන්ධාන ආණ්ඩු සමයේදී අතුරුදහන් වූ මොවුන් දෙදෙනාගේ ජීවිත සම්බන්ධයෙන් එවකට මහින්ද රාජපක්ෂ ප්රමුඛ සන්ධාන ආණ්ඩුව වග කිව යුතු බවට අතුරුදහන්වීමෙන් කිහිප දිනක් ඉක්බිතිව අනාවරණය කෙරුණේ හිටපු කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල ලලිත් – කුගන් අතුරුදහන්වීමෙන් අනතුරුව ‘ආණ්ඩුව භාරයේ ඔවුන් සිටිනවා’ යැයි කළ ප්‍රකාශයක් හේතුවෙනි.
අනතුරුව මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ නඩුව සඳහා වරින් වර මන්ත්‍රීවරයා කැඳවනු ලැබුවද ඔහු නඩු වාර මගහැරීම හේතුවෙන් අදිකරණ නොතීසි පවා ඉදිරිපත් කෙරිණි.
අනතුරුව අධිකරණයේ පෙනී සිටි හිටපු ඇමතිවරයා ප්‍රකාශ කළේ ලලිත් – කුගන් එවකට සන්ධාන ආණ්ඩුවේ දෙසැම්බර් අග වනතුරු සිටි බව පමණක් තමන් දන්නා බව ය.
අවසන් නඩු විභාගයට සහභාගි වූ අච්චුවේලි පොලිසිය මේ සම්බන්ධයෙන් විශේෂ හෝ විධිමත් කරුණු ඉදිරිපත්කිරීමක් සිදු කර නැති අතර පසුගිය දෙසැම්බර් 02වැනිදා අවසාන වරට නඩු විභාගය කැඳවූ අවස්ථාවේදී ලලිත් – කූගන් පාර්ශවය වෙනුවෙන් නඩුවේ පෙනී සිටි නීතිඥ කාණ්ඩය විසින් නඩුව සඳහා අලුතෙන් සාක්ෂිකරුවන් ඉදිරිපත් කිරීමට ඉල්ලා සිටිනු ලැබිණි.
එහිදී අලුත් සාක්ෂිකරුවන් ඉදිරිපත් කිරීමට මහේස්ත්‍රාත් අනුමැතිය ලද අතර නඩු විභාගයේ අලුත් සාක්ෂිකරුවකු වශයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රජපක්ෂ ඉදිරිපත් කිරීමට සූදානමක් ඇති බවද පැවසේ.
2011 වර්ෂයේ දෙසැම්බර් 09වැනිදා යාපනය අච්චුවේලි ප්‍රදේශයේදී අතුරුදහන් වූ ලලිත් කුමාර් හා කූගන් මුරුගානන්දන් පැහැරගැනීමට ලක්ව ඇති බවත් අනතුරුව ඔවුන් අතුරුදහන්ව ඇති බවත් එවකට ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් විසින් පොලීසියට පැමිණිලි කරනු ලැබිණි.
ඒ අනුව බොහෝ දුරට අලුතෙන් ඉදිරිපත් කිරීම සඳහා නම් කෙරෙන සාක්ෂිකරුවන් අතරේ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ නම ඉහළින් සඳහන් වීමට ඉඩ ඇති බවත් එවකට සිටි ආරක්ෂක බලධරයින්, ආරක්ෂක අංශ නිලධාරීන් හා ඇතැම් දේශපාලඥයින්ද අලුතෙන් සාක්ෂිකරුවන් වශයෙන් නම් කිරීමට බෙහෙවින් ඉඩ තිබෙන බවත් අවධාරණය කෙරේ.
CP
Add Comment