SRILANKAN NEWS

කිලිනොච්චිය පොදු වෙළෙඳ සංකීර්ණයේ බදුකරුවන් නිසා ව්‍යාපාරිකයන්ට බාධා

img_9529කිලිනොච්චිය පොදු වෙළෙඳ සංකීර්ණයේ එළවළු වෙළඳසැල් බද්දට ගත් පුද්ගලයාගේ ව්‍යාපාරික කටයුතු නිසා, තමන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බව එළවළු ව්‍යාපාරිකයන් සිය කණගාටුව පළ කර තිබේ.

කිලිනොච්චිය කරයිච්චි ප්‍රාදේශිය සභාව යටතේ පවතින පොදු වෙළඳ සංකීර්ණයේ එළවළු වෙළඳසැල් කොටස බද්දට ගත් පුද්ගලයා බදු අයකරන ස්ථානයේදී දිනපතා තොග සහ සිල්ලර ව්‍යාපාරයේ යෙදීමෙන් තම ව්‍යාපාරික කටයුතුවලට බාධා ඇතිවී තිබෙන බව වෙළඳසැල් හිමියන් පවසති.

අදාළ පුද්ගලයා තොග ව්‍යාපාරිකයකු හෙයින් එළවළු වෙළඳසැල් හිමියන්ට ද තොග මුදලට විකුණන අතර, වෙළඳසංකීරණයට පැමිණෙන පිට ප්‍රදේශවල ව්‍යාපාරිකයන්ට ද ඔහු විසින්ම තොග සහ සිල්ලර මිලට එළවළු විකුණන හෙයින් තම ව්‍යාපාරික කටයුතුවලට දැඩි බාධාවක් ඇතිවී තිබෙන බව සෙසු ව්‍යාපාරිකයන් පෙන්වාදී තිබේ.

මේ සම්බන්‍ධයෙන් කරයිච්චිය ප්‍රාදේශයේ සභා ලේකම් ගනේෂන් කම්සනාදන්ගෙන් විමසූ විට..

වෙළඳසංකීරණය බද්දට ගත් පුද්ගලයාට අනුමැතිය ලබාදී තිබෙන්නේ එහි මුදල් හා බදු අය කිරීමට පමණක් බව ගිවිසුම් අත්සන් කර තිබේ. ඔහුට එහි ව්‍යාපාරික කටයුතුවල නිරතවීමට නොහැක. මේ සම්බන්‍ධයෙන් ව්‍යාපාරිකයන් විසින් පැමිණිළි කර තිබේ. ප්‍රාදේශිය සභාව එය ගැන අවධානය යොමු කර තිබෙන අතර, අදාළ පුද්ගලයාගේ ක්‍රියා කටයුතු ගැන සාක්‍ෂි සහිත තහවුරුවූ සැණින් ඔහුගේ ගිවිසුම වහාම තහනම් කිරීමට පියවර ගන්නා බව පවසා සිටියේය.