ජාත්‍යන්තර මානව හිමිකම් දිනය නිමිත්තෙන් යාපනයේදී අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් උද්ඝෝෂණයක් පවත්වා තිබේ. සම අයිතිවාසිකම් ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද මෙම උද්ඝෝෂණය අද දින පෙරවරු 11ට පමණ යාපනය බස් නැවතුම් පොළ ඉදිරිපිට පැවැත්වුණි.
එහිදී අතුරුදන්වූවන්ගේ ඥාතීන් විශාල පිරිසක් සහභාගිවූ අතර, අතුරුදන්වූවන් පිළිබඳ තොරතුරු හෙළි කරන ලෙස අවධාරණය කළහ. මේ අතර, සම අයිතිවාසිකම් ව්‍යාපාරයේ ක්‍රියාකරුවන් වන ලලිත්-කුගන් යන දෙදෙනා පසුගිය 2011 දෙසැම්බර් 9 වනදා යාපනයේදී නාඳුනන පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබුණි. මේ සම්බන්ධයෙන් යාපනය අධිකරණයේදී පසුගිය වසර පහක කාලයක් නඩු විභාගය පවත්වාගෙන යාමද විශේෂත්වයකි.
Add Comment