2017 වර්ෂයට අදාල අය වැය තෙවන වර කියවීම වැඩි ඡන්ද 110න් ඊයේ (10) පාර්ලිමේන්තුවේ දී සම්මත විය.
අය වැයට පක්ෂව ඡන්ද 165ක් ලැබුණු අතර විපක්ෂ ජන්ද 55ක් ලැබුණි. නොපැමිණි සංඛ්‍යාව 04කි. ආණ්ඩු පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය අය වැයට පක්ෂව ඡන්දය ලබාදුන් අතර ඒකාබද්ධ විපක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ අය වැයට විරුද්ධව ඡන්දය ලබාදී තිබේ.
විසර්ජන පනත් කෙටුම්පත 2017 මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් නොවැම්බර් මස 10 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. නොවැම්බර් 19 දින සිට කාරකසභා අවස්ථාවේ විවාදය පැවැත්වුණු අතර එහිදී අමාත්‍යාංශවලට අදාළ වැයශීර්ෂ විවාදය සිදු විය.
ඡන්දය විමසීමෙන් අනතුරුව අලුතින් හඳුන්වාදුන් පාර්ලිමේන්තුවේ විද්‍යුත් ඡන්දය විමසීමේ ක්‍රමයේ අත්හදාබැලීමක් සිදුවිය.