හම්බන්තොට වරායේ සිද්ධිය ගැන අසත්‍ය ප්‍රචාර සිඳු නොකරන ලෙස ආරක්ෂ රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අවධාරණය කර සිටියි.
හම්බන්තොට වරායේ සේවක උද්ඝෝෂණයක් අතරතුරදී නාවික හමුදාව විසින් විරෝධතාකරුවන්‍ට කිසිදු ආකාරයකින් පහර දීමක් සිදු වී නොමැති බවත් විරෝධතාකරුවන් විසින් රදවාගෙන සිටි නෞකා දෙකක් නිදහස් කරගැනීමට නාවික හමුදාව කටයුතු කළ බව ද හෙතෙම පවසා තිබේ.
හම්බන්තොට වරායේ සේවකයන් පිරිසක් විසින් ගෙන යන උද්ඝෝෂණයට නාවික හමුදාවෙන් පහර දී ඇතැයි විපක්ෂයේ මන්ත්‍රීවරු කළ ප්‍රකාශවලට පිළිතුරු ලබාදෙමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ඊයේ (10) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
වරායක ප්‍රශ්නයක් නම්, නෞකාවක් බලයෙන් අල්ලාගෙන ඉන්නවා නම් එය කොල්ල කෑමක්. නාවික හමුදාව යොදවන්නත් පුළුවන්. නාවික හමුදාවට චෝදනා කරන්න එපා. ජාත්‍යන්තර වශයෙන් රටට බලපානවා. ඉදිරියටත් මේ අයුරින් යන්නේ නම් නාවික හමුදාව යොදවා හම්බන්තොට වරාය කටයුතු ඉදිරියට ගෙන යනවා යැයි ද ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
Add Comment