තිස්ස අත්තනායකට එරෙහි නඩුවේ සාක්‍ෂි ලබාදීමට රනිල් සූදානම්

Ranil Wikramasingha 02 රනිල්ව්‍යාජ අත්සන් යොදා කූට ‍ලේඛනයක් සකස් කළ බවට චෝදනා ලැබ සිටින එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ‍ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා මහාධිකරණය හමුවේ පෙනී සිටීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

ජනාධිපතිවරණ සමයේදී නිකුත් කෙරුණු ගිවිසුමකට ‍පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සන් ව්‍යාජ ලෙස යෙදූ බවට තිස්ස අත්තනායක මහතාට එරෙහිව පැවරූ නඩුව මේ වනවිට විභාගයට ගෙන ඇත.

නඩුවට අදාළව මාර්තු 20 දින අධිකරණයේ පෙනී සිටින ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට මේ වනවිට සිතාසි නිකුත් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top