සෝෂල් මීඩියා පාලනය කිරීමට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – අගමැති

සෝෂල් මීඩියා පාලනය කිරීමට නීතිය ක්‍රියාත්මක කළ යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ. වැලිමඩ ගුරුතලාව ප‍්‍රදේශයේ (12) පැවති නබි නායකතුමන්ගේ ජන්ම දිනය සැමරීමේ උත්සවයට එක්වෙමින් අගමැතිවරයා මේ බව පවසා තිබේ.

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ

“ගුවන් විදුලියෙන්, රූපවාහිනියෙන් නැතිනම් මාධ්‍යයෙන් කියන දේට යම් පාලනයක් ඇති කරන්න අපිට පුළුවන්. වෙබ් අඩවියෙන් කියන දේට පාලනයක් ඇති කරන්න අපිට බැහැ. සෝෂල් මීඩියා කියන එකට අද ඕන කුණුහරුපයක් කියන්න පෙන්නන්න පුළුවන් වෙලා තියෙනවා. මේ සියලු දෙනාම කැඳවලා ඒ අයට කරුණු පැහැදිළි කරලා දෙන්න ජනාධිපතිතුමා කටයුතු කළා. අපි ඉස්සෙල්ලා බලමු කරුණු කියලා…පාලනය කරන්න පුළුවන්ද කියලා. බැරිනම් අපි නීතියෙන් ක්‍රියා කරනවා. ඒ සඳහා නීති ගේන්න ඕනෙ නම් ඒ ගැනත් අපි කටයුතු කරනවා.”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top