ඉස්ලාම් – දෙමළ සාහිත්‍ය සමුළුව ජනපති ප‍්‍රධානත්වයෙන්

ඉස්ලාමීය – දෙමළ  සාහිත්‍ය සමුළුව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (12) ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.

ශ‍්‍රී ලංකා ඉස්ලාමීය සාහිත්‍ය මධ්‍යස්ථානයට වසර 50 ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කෙරුණු මෙම සමුළුවට ඉන්දියාව, මැලේසියාව සහ සිංගප්පූරුව වැනි රටවල  සාහිත්‍යධරයින් ද එක්ව සිටියහ.

පසුගිය 11 වැනි ආරම්භ වූ මෙම සාහිත්‍ය උළලේ අවසන් දිනය වූ ඊයේ දින ඉස්ලාමීය – දෙමළ  සාහිත්‍යයේ උන්නතිය සඳහා දායක වූ සාහිත්‍යධරයින් දස දෙනෙකු ද ජනාධිපතිතුමා අතින් මෙහිදී සම්මාන ලබා දුන්හ.

මෙම අවස්ථාවට අමාත්‍ය රිෂාද් බදුදීන්, රාජ්‍ය අමාත්‍ය එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා, නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලී, ඇතු`එ පිරිසක් එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top