දෙමළ ජනතාවගේ හෘද භූමියක් වන මනලාරු ප්‍රදේශයේ ක්‍රියාත්මක වන ඉඩම් ආක්‍රමණය, සිංහලීකරණය, පදිංචි කිරීම්, සහ බෞධකරණය සම්බන්‍ධයෙන් යාපනය මාධ්‍ය මධ්‍යස්ථානය විසින් නිෂ්පාදනය කළ ‘ඉරුලුල් ඉදය භූමි‘ අඳුරේ හෘද භූමිය නැමැති වාර්තා වීඩියෝ පටය එළිදක්වා තිබේ.
යාපනය රක්කා වීදියේ පිහිටි කලා ශාලාවේදී ඊයේ (12) සවස 3.30ට එම වීඩියෝ පටය එළිදැක්වීමට කටයුතු සූදානම් කර තිබුණි. අනතුරුව එම වීඩියෝ පටය නිළ වශයෙන් දේශපාලන නායකයන්, ජනතා නියෝජිතයන්, සිවිල් සමාජ නියෝජිතයන් ඇතුළු පාර්ශවය වෙත ඉදිරිපත් කළහ.
උතුරු පළාත් මහ ඇමැති, පළාත් සභා අමාත්‍යවරුන්, පාර්ලිමෙන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරුන්, සිවිල් සමාජ නියෝජිතයන් ඇතුළු බොහෝ පිරිසකට එම විඩියෝ පටය භාරදුන්හ.
Add Comment