එක්සත් ජාතීන් සංවිධානයේ නව මහ ලේකම් දිව්රුම් දෙයි..

එක්සත් ජාතීන් සංවිධානයේ මීළඟ මහලේකම්වරයා ලෙස අන්තෝන්යෝ ගුටෙරෙෂ් මහතා දිව්රුම් දී තිබේ. වත්මන් මහ ලේකම් බැන් කී මූන් මහතාගේ ධූර කාලය අවසන්වීමත් සමඟ ලබන ජනවාරි මස සිට ඉදිරි වසර පහක කාලයක් අන්තෝන්යෝ ගුටෙරෙෂ් මහතා එක්සත් ජාතීන් මහ ලේකම්වරයා ලෙස කටයුතු කිරීමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලය අමතමින් අන්තෝන්යෝ ගුටෙරෙෂ් කියා සිටියේ වැඩි කාර්යක්‍ෂමතාවක් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රතිසංස්කරණයට ලක්කළ යුතු බවය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top