එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහි යුද්දයට ඇමරිකානු ඩො. බිලියන 200ක්

එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව පැවැති යුද්දය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 200ක් වියදම් කර ඇති බව ඉන්දියාවේ හිටපු ජාතික ආරක්‍ෂක උපදේශක ශිවසංකර් මේනන් පවසයි.

2009 වසරේ අවසන්වූ යුද්දය සඳහා මෙතරම් මුදලක් වියදම් කර ඇති බවත්, එහිදී අවස්ථාමය වියදම පිළිබඳ තොරතුරු ඇතුලත් කර නැති බවද හෙතෙම පෙන්වාදී තිබේ.

දකුණු ආසියාවේ ඉතා වේගයෙන් සංවර්ධනය වන ආර්ථිකයක් ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථිකය තිබූ බව හෙතෙම පවසා තිබේ. 1983 වසරේ සිට 2009 දක්වා පැවැති යුද ගැටුම් හේතුවෙන් ලක්‍ෂයට ආසන්න පිරිසක් ජීවිතක්‍ෂයට පත්වූ බවත්, එහිදී 30000 සිට 50000ක් අතරවූ සිවිල් වැසියන් ද, ඉන්දිය සාම හමුදාවේ 1155 දෙනෙකු ද ජීවිතක්‍ෂයට පත්වූ බව හෙතෙම පෙන්වාදී තිබේ.

යුද්දයෙන් පසු ශ්‍රී ලංකාවේ සංහිඳියා කටයුතු ප්‍රසංශනීය අයුරින් පවතින බවත්, මහින්ද රාජපක්‍ෂ රජය යුද්දය ජයග්‍රහණය කළ නමුත් එය සංහිඳියාව කරා ගෙන යාමට උත්සහ නොකළ බව හෙතෙම චෝදනා කර තිබේ.

තවද සාමය ඇති කිරීමට උනන්දුවක් දක්වන දෙමළ නායකයන්ද නොසිටි බව ශිවසංකර් මේනන් වැඩිදුරටත් පෙන්වාදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top